මොරගහකන්ද වේල්ලේ නිධන් වස්තු තැම්පත් කිරීමේ මහෝත්සවය අද..

0
643

අද9.30 ට යෙදෙන සුබ මොහොතින්, මොරගහකන්ද -කළුගඟ ව්‍යාපෘතියේ කළුගඟ වේල්ලේ නිධන් වස්‌තු තැන්පත් කිරීමේ මහෝත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙනවා. මෙම ව්‍යාපෘතිය මගින් රජරට, නැගෙනහිර සහ මධ්‍යම පළාතටද පානීය ජලය සහ වාරි ජලය සැපයීමට අපේක්‍ෂා කෙරෙන අතර, ඊට රුපියල් කෝටි දොළොස්‌දහසක මුදලක්‌ වැය වෙනු ඇතැයි ඇස්‌තමේන්තු කර ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මාධ්‍ය හමුවේ පෙරේදා පවසා සිටියේ, රජරට ප්‍රදේශයේ දැනට වගා කෙරෙන යල සහ මහ කන්න දෙකට අමතරව තවත් කන්නයක්‌ වගා කිරීම සඳහාද මෙම ව්‍යාපෘතිය මගින් ජල පහසුකම් සැලසෙන බවයි. ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට්‌ 25 ක විදුලි ධාරිතාවක්‌ ලබාදීම හා ගොවි පවුල් ලක්‌ෂ දෙකකට වැඩි පිරිසකට මෙමගින් ජල පහසුකම් සැපයීමට මෙම ව්‍යාපෘතිය හරහා බලාපොරොත්තු වෙනවා.

පරාක්‍රම සමූද්‍රය මෙන් මෙය 5ස් ගුණයක් විශාලයි. ව්‍යාපෘතියේ නිධන් වස්‌තු තැන්පත් කිරීමේ උත්සවය සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලනඥයන් රැසක්‌ සහභාගි වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here