තායිවානයට යලිත් සම්බාධක.

0
459

තායිවාන රජයේ ඉහළ නිළධාරීන් 07 දෙනෙකු අසාධු ලේඛන ගත කරන බව චීනය පවසයි.

චීනය එම නිලධාරීන් පිරිස හදුන්වා ඇත්තේ බෙදුම්වාදීන් ලෙසයි.

චීනය, අසාධු ලේඛන ගත කළ නිලධාරීන් අතරට අමෙරිකාවේ තායිවාන නියෝජිත ෂාඕ බී කිම් ද වෙයි.

අදාළ නිලධාරීන් පිරිස තායිවානයේ නිදහස වෙනුවෙන් සහය දෙන බවට චීනය චෝදනා කරයි.

ඒ අනුව අසාධු ලේඛන ගත කළ තායිවාන නිලධාරීන් පිරිසට චීනයට ඇතුලු වීම තහනම් වනු ඇති.

ඊට අමතරව ඔවුන්ට හොංකොං රාජ්‍යයට සහ මැකෝ දේශයට ඇතුලුවීම ද තහනම්.

චීන රජයේ නිලධාරීන් සමග ගනුදෙනු කිරීමට ද අසාධු ලේඛන ගත කළ තායිවාන නිලධාරීන්ට අවස්ථාව හිමිවන්නේ නැහැ.

දෙරටෙහිම ජනතාවගේ අවශ්‍යතාවය සලකා බලා මෙම සම්බාධක පැනවූ බව ද චීනය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here