මහජන මුදලින් වැඩක් නොකර පිං පඩි කන උන් ගෙදර පලයව්! – රනිල්

0
389

කිසිවකුටත් නිකන් කන්නට දෙන්න නොහැකියැයි ද වැඩ කළ නොහැකි රාජ්‍ය සේවකයින් සිටී නම් වහාම ඉවත් ව යන්නැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේ දී පැවසීය.

වැඩ කරනවා නම් වැඩ කරන්න, බැරි නම් ගෙදර යන්නැයි කී ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයන්ට නිකන් ගෙවන්නට ලෑස්ති නැතැයි ද කීය.

ජනාධිපතිවරයා මේ බව පැවසූයේ අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාව අමතමිනි.

“කාටවත් නිකන් කන්න දෙන්න බෑ. මොකක් හරි කරන්න ඕන .මටත් නිකන් කන්න බෑ. මම මේ රට දියුණු කළේ නැත්නම් මටත් යන්න වෙනවා. එහෙනම් ඉස්සෙල්ලම අපි ගමෙන් පටන් ගනිමු”යැයි ජනාධිපතිවරයා පැවැසීය.

නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වන ලෙස තමා කිසිවකුටත් නොපවසන නමුත් රට ගොඩනැගීමට නොපමා ව එක්වන්නැයි  සියලු දෙනාට ආරාධනා කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here