කාබුල් නුවර දේවස්ථානයක බෝම්බ පිපිරීමක්

0
476

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි ඉස්ලාම් දේවස්ථානයක සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 20 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇත.

සවස පැවති යාච්ඤාව අතර තුරදී මෙම බෝම්බ පිපිරිම සිදුව ඇති බව තලෙයිබාන් සංවිධානය පවසයි.

තුවාල ලැබූ පිරිස් අතර කුඩා දරුවන් ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිවිල් ජනතාව ඉලක්ක කර ගනිමින් මෙවන් ප්‍රහාර එල්ල කරනු ලබන පුද්ගලයින්ට එරෙහිව දැඩිව කටයුතු කරන බව ද තලෙයිබාන් සංවිධානය අනතුරු අඟවා ඇත.

කෙසේ වුවද මේ දක්වා මෙම ප්‍රහාරයේ වගකීම කිසිදු පුද්ගලයෙක් හෝ සංවිධානයක් භාරගෙන නොමැති බවයි වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here