Tuesday, April 30, 2024

එක් තීරයක් එක් මාවතක් මන්දගාමී වීමෙන් චීනය ආර්ථික පසුබෑමක

මෙම වසරේ මුල් භාගයේදී රටවල් 147 ක ආයෝජන ව්‍යාපෘති පහත වැටීමත් එය තවදුරටත් පහත වැටීමේ ප්‍රවණතාවයත් නිසා , එක් තීරයක් එක් මාවතක් (BRI) ව්‍යාපෘති මන්දගාමී වී චීනය ආර්ථික පසුබෑමකට මුහුණ දී සිටින බව වාර්තා වේ.

වෙළඳාම සහ සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවට (UNCTAD) අනුව, 2022 දී සෘජු විදේශ ආයෝජන සඳහා වන ඉදිරි දැක්ම ද රටවල් රැසක කණස්සල්ලට හේතුවී ඇත්තේ එමගින් අනතුරුදායක තත්වයන් පිළිබද හෙළිකිරීම හේතුවෙනි.

ඒ අනුව 2022 පළමු කාර්තුවේ නව ව්‍යාපෘති ක්‍රියාකාරකම් සියයට 21 ක අඩුවීමක් වාර්තා කර ඇති අතර ජාත්‍යන්තර ව්‍යාපෘති මූල්‍ය ගනුදෙනු සියයට 4 කින් පහත වැටී ඇති බව පැවසේ.

යුරෝපීය ටයිම්ස් පුවත්පතට අනුව එක් තීරයක් එක් මාවතක් (BRI) ව්‍යාපෘතිවල ආයෝජනවල ද එම ප්‍රවණතාවය නිරීක්ෂණය කර තිබේ.

හරිත මූල්‍ය සහ සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යයනයකට අනුව, චීන තීරය සහ මාර්ග සදහා සහභාගී වූ රටවල් 147 ක මූල්‍යකරණය සහ ආයෝජන 2022 පළමු භාගයේදී පහත වැටී ඇත.
මෙම කාලපරිච්ඡේදය තුළ එක් තීරයක් එක් මාවතක් (BRI) ව්‍යාපෘතිවල මුල්‍ය සහ ආයෝජන ඇමරිකානු ඩොලර් බිලියන 28.4ක් ලෙස වාර්තා වී ඇති අතර, එය පෙර වසරේ එම කාලසීමාවේදී ඇමරිකානු ඩොලර් බිලියන 29.4ක් විය.

2019 වසරේ එම කාලය හා සසඳන විට පළමු අර්ධයේ සංඛ්‍යා සියයට 40 කින් අඩු වී ඇත.

චීනයේ ආර්ථික අභියෝග මෙන්ම ගෝලීය අවිනිශ්චිතතාවය යන දෙකම හේතුවෙන් BRI ආයෝජනවල පහත වැටීමේ ප්‍රවණතා 2022 දෙවන භාගයේදී දිගටම පවතිනු ඇති බවට ද විශ්වාස කෙරේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles