රජයට අත්‍යවශ්‍ය නොවන මිනිසුන්ට අත්‍යවශ්‍ය වන භාණ්ඩ 300ක් තහනම් කරයි.! ලැයිස්තුව

0
1660

ආනයන අපනයන පාලන පනත යටතේ භාණ්ඩ 300කට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම අගෝස්තු 23 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවමින් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ අත්සනින් යුතු ගැසට් නිවේදනය පහත සබැඳියෙන් විවෘත කර බලන්න.

වායු සමීකරණ, ශීතකරණ, හිසකෙස් කපන උපාංග, රයිස් කුකර්, වතුර බොයිලේරු සහ කෝපි නිපදවන යන්ත්‍ර, ජංගම දුරකථන, ස්ථාවර දුරකථන, කැල්කියුලේටර් වර්ග,මයික්‍රෆෝන, ශබ්ද විකාශන යන්ත්‍ර, හෙඩ්ෆෝන්, ඉයර්ෆෝන්, කැමරා, රූපවාහිනී කැමරා, PC මොනිටර්, අව් කණ්ණාඩි, බෝට්ටු, අත් ඔරලෝසු, සූට් කේස්, චොකලට්, පොල්, වතුර, රස කළ ජලය, මධ්‍යසාර නොවන බියර්, සුවඳ විලවුන්, කාන්තා මේකප් නිෂ්පාදන, ෂැම්පු, ඩියෝඩ්‍රන්ට්, රැවුල බෑමේ නිෂ්පාදන, අත්බෑග්, පටි, වැසිකිලි කඩදාසි, තුවා, අත් ලේන්සුව, කමිස, පිජාමා, නානකාමර, කාන්තා කලිසම්, ටී ෂර්ට්, ළදරු ඇඳුම්, ජර්සි, ධාවන ඇඳුම්, පිහිනුම් ඇඳුම්, අත්වැසුම්, සාය, බ්ලවුස්, ටයි, ඇඳ ඇතිරිලි, තිර රෙදි, චොකලට්, ආටෙර්ෂේව්, ඇලුමිනියම්, වීදුරු, ටයිල්, විදුලි කේතල්, බර කිරන යන්ත්‍ර පිරිමි යට ඇඳුම් සහ නිමි ඇඳුම් ආනයනය තහනම් කරයි.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here