Saturday, September 21, 2024

රුසියාවෙන් තලෙයිබාන්වරුන්ට ඉන්ධන සහ ගෑස්.

රුසියාවෙන් ඇෆ්ගනිස්තානයට ඉන්ධන සහ ගෑස් ආනයනය කිරිමට තලෙයිබාන් පරිපාලනය සූදානම් වන බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ අනුව දෙපාර්ශවය විසින් ගිවිසුම්වලට එළඹීමේ මූලික පියවර වලට එළඹ ඇති බව ඇෆ්ගනිස්තානයේ වාණිජ හා කර්මාන්ත අමාත්‍යංශය නිවේදනය කර ඇත.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තලෙයිබාන් පාලනාධිකාරියේ නියෝජිතයින් පිරිසක් රුසියාවේ මොස්කව් නුවරට ගොස් ඇති බව ද ඇෆ්ගනිස්තානයේ වාණිජ හා කර්මාන්ත අමාත්‍යංශය පවසයි.

එහිදී රුසියානු ආයෝජකයින් ඇෆ්ගනිස්තානයට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකිරීම සහ එරටින් තෙල් සහ ගෑස් ආනයනය සඳහා ගිවිසුමකට එළඹීම ද සිදුවන බව ඇෆ්ගනිස්තානයේ වාණිජ හා කර්මාන්ත අමාත්‍යංශය පවසා තිබේ.

ඇෆ්ගනිස්තානයේ සහ රුසියාවේ වාණිජ බැංකු රැසකට ජාත්‍යන්තරයෙන් සම්බාධක පනවා ඇති බැවින් වෙළඳ ගනුදෙනු වලදී තුන්වන පාර්ශවයක් (රටක්) හරහා ගෙවීම් සිදුකිරීමට අවධානය යොමුව ඇතැයි ඇෆ්ගනිස්තානයේ වාණිජ හා කර්මාන්ත අමාත්‍ය නූරුඩීන් අසීසි පවසා ඇත.

එහෙත් එම තුන්වන පාර්ශවය (රට) කුමක්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණ කර නැහැ.

කෙසේවෙතත් තලෙයිබාන් සංවිධානය මෙන්ම රුසියාව ද සම්බාධකවලට ලක්ව සිටින බැවින් ඉන්ධන සහ ගෑස් ප්‍රවාහන ක්‍රියාවලියේදී බාධා රැසකට මුහුණ දීමට දෙපාර්ශවයටම සිදුවනු ඇති.

එමෙන්ම රුසියාව මෙලෙස ඇෆ්ගනිස්තානය සමග පවතින සිය සබඳතා ශක්තිමත් කර ගනිමින් සිටින්නේ බටහිර රටවල් රැසක් බලශක්ති අර්බුදය හමුවේ ගෑස් සඳහා ආදේශක සොයමින් සිටින අවස්ථාවකදීයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles