Monday, May 20, 2024

චීනයට තවත් චෝදනාවක්.

සිය රට ආසන්නයේ චීනය තවදුරටත් හමුදා ක්‍රියාකාරකම්වල නිරත වී සිටින බවට තායිවානය චෝදනා කරයි.

ඒ අනුව තායිවානය ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ චීනයට අ‍යත් යුද නෞකා 12 ක් තායිවාන සමුදා සන්ධියේ මධ්‍ය රේඛාව උල්ලංඝනය කර පියාසර කළ බවයි.

චීනයේ එම ක්‍රියාකලාපය හෙළා දකින බව ද තායිවාන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

තායිවාන සමුදා සන්ධියේ මධ්‍ය රේඛාව හැදින්වෙන්නේ දෙරට අතර පවතින නිල නොවන බාධකයක් ලෙසයි.

කෙසේවෙතත් චීනය මෙලෙස තායිවාන සමුදා සන්ධියේ හමුදා ක්‍රියාකාරකම් වල නිරතව සිටින්නේ අමෙරිකාව ද සිය යුද නෞකා 2 ක් තායිවාන සමුදා සන්ධිය වෙත යොමු කර ඇති පසුබිමක් තුළයි.

අමෙරිකානු කතානායිකා නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරයෙන් අනතුරුව චීනය, තායිවානය සහ අමෙරිකාව අතර පවතින්නේ දැඩි මතභේදාත්මක තත්ත්වයක්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles