Friday, May 10, 2024

අපක්ෂපාතී ප්‍රතිපත්තිය ගැන රුසියාවෙන් ඉන්දියාවට පැසසුම්.

යුක්‍රෙරේන අර්බුදය සම්බන්ධයෙන් පවතින ස්ථාවර ප්‍රතිපත්තිය පිළිබඳ ඉන්දියාවට ගරු කරනවා සේම ඔවුන්ව අගය කරන බව ද ඉන්දියාවේ රුසියානු තානාපති ඩෙනිස් ඇලිපොව් පවසයි.

විදෙස් මාධ්‍යක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් ඔහු පැවසුවේ දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බටහිර ප්‍රජාව රුසියානු තෙල් මිලදී ගැනීම් සම්බන්ධයෙන් ඉන්දියාවට විවේචන එල්ල කරන බවයි.

එලෙස ඉන්දියාව විවේචනය කරන අතරතුර එම රටවල් ඔවුන් විසින්ම පනවා ඇති සම්බාධකවලින් මිදී රුසියාවේ බලශක්ති සම්පත් මිලදී ගෙන මුනිවත රකින බව ද රුසියානු තානාපතිවරයා චෝදනා කර තිබේ.

කෙසේවෙතත් ඉකුත් මාස කිහිපයේදී ඉන්දියාව සහ රුසියාව අතර බොරතෙල් වෙළදාම ශක්තිමත් වී ඇති බව හා එහි විශාල වර්ධනයක් පෙන්නුම් කරන බව ද රුසියානු තානාපතිවරයා සදහන් කර ඇත.

බටහිර රටවල් පනවා ඇති සම්බාධක හමුවේ ඉන්දු – රුසියානු ඉන්ධන ගනුදෙනු සදහා කිසිදු බලපෑමක් නොමැති බව ද ඉන්දියාවේ රුසියානු තානාපතිවරයා පවසයි.

ගතවූ මාස 6 දී පමණක් ඉන්දු – රුසියානු වෙළද කටයුතු අමෙරිකානු ඩොලර් බිලියන 11 යි දශම 1 ක් බවත්, පසුගිය වසරේදී එය අමෙරිකානු ඩොලර් බිලියන 13 ක් පමණ වූ බවත් රුසියානු තානාපතිවරයා පවසයි.

අමෙරිකාවේ බල ලෝභීත්වය වෙනුවෙන් පෙනී සිටීමට ගොස් යුරෝපයට මේවනවිට ඔවුන්ගේ ස්වාධීනත්වය අහිමිව ගොස් ඇති බව හා බලශක්ති අර්බුදයකට මුහුන දීමට සිදුව ඇති බව ද ඉන්දියාවේ රුසියානු තානාපතිවරයා පවසා තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles