අමෙරිකාවෙන් තායිවානයට අවි…

0
483

තායිවානය සමග අවි ගනුදෙනුවකට අමෙරිකාව සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව අමෙරිකානු ඩොලර් බිලියන 1 යි දශම 1 ක වටිනාකමකින් යුත් අවි තොගයක් තායිවානයට අලෙවි කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ සූදානමක් ඇතැයි විදෙස් මාධ්‍ය පවසා ඇත.

ඒ වෙනුවෙන් කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට ද අමෙරිකානු ජනාධිපතිවරයා අපේක්ෂාවෙන් පසුවෙයි.

අමෙරිකාව එලෙස තායිවානයට අලෙවි කිරිමට නියමිත අවි තොගය අතර නෞකා නාශක මිසයිල, ගුවන් මිසයිල හා නිරීක්ෂණ රේඩාර් පද්ධති ද වන බව සඳහන්.

අමෙරිකාව මෙම අවි තොගය තායිවානයට අලෙවි කරන්නේ නම් ඒ සඳහා අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුවේ අනුමැතිය හිමිවිය යුතුයි.

එම කමිටුවේ සාමාජිකයින් අවි ගනුදෙනුව සඳහා අවසර ලබාදෙනු ඇති බව ද එරට දේශපාලන ආරංචි උපුටා දල්වමින් ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේවෙතත් අමෙරිකාව, තායිවානය සමග මෙලෙස අවි ගනුදෙනුවකට සූදානම් වන්නේ එම රටවල් එක්ව සිදුකරන ක්‍රියාකාරකම් හමුවේ චීනය දැඩිව කෝපයට පත්ව සිටින පසුබිමක් තුළයි.

එබැවින් අමෙරිකාවේ මෙම තීරණය සම්බන්ධයෙන් චීනය කුමන ආකාරයෙන් ප්‍රතිචාර දක්වයිද යන්න අවිනිශ්චිත බව විචාරකයින් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here