ශ්‍රී ලංකාව ඩොලර් වලින් වාර්තාවක් තබයි..

0
439

IMF සාකච්ඡා දිනක් දක්වා දීර්ඝ කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡා සාර්ථක බවට වන දැනුම්ද දීමත් සමඟ ශ්‍රී ලංකාවේ ඩොලර් බැඳුම්කර වාර්තාගත වැඩිම අගයක් වාර්තා කර තිබේ.

‍ඊයේ (31) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජිතයින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඊයේ (31) දින අවසන් කිරීමට නියමිතව ඇති සාකච්ඡා වට තවත් එක් දිනයක් දක්වා දීර්ඝ කෙරෙන බවයි.

එමෙන්ම අද(01) දිනයේදී ඔවුන් සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන බවත් දැනුම් දී තිබුණා.

මෙම ධනාත්මක ප්‍රතිචාරය ත් සමඟයි ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ඩොලර් බැඳුම්කර එක් දිනකදී ලබාගත් විශාලතම ලාභ පංගුව වාර්තා කර තිබෙන්නේ.

ඒ අනුව 2030 මාර්තු මාසයට නියමිත සුරැකුම්පත් ඩොලරයට සාපේක්ෂව ශත 3.6 කින් ඉහල ගොස් ශත 34.73 ක් ලෙස ලාභයක් ප්‍රකාශ කළා.

නිදහසින් පසු එහි දරුණුතම ආර්ථික අර්බුදය ට මුහුන දෙන ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 3ක් අපේක්ෂා කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here