Saturday, April 27, 2024

ඉන්ධන මිල රු.100 කින් අඩු කරයි ?.

සෑම මසකම 1 දා සහ 15 දා ඉන්ධන මිල සංශෝධනය කිරීමට ගෙන ඇති තීරණය අනුව සැප්තැම්බර් මාසයට අදාළ සංශෝධනය අද (01) සිදු කෙරේ.

පසුගිය අගෝස්තු 15ට අදාළ ඉන්ධන මිල සංශෝධනය නොකළ අතර, අගෝස්තු 01 දා ඩීසල් මිල පමණක් රු. 10කින් අඩු කෙරිණි.

ලෝක වෙළෙඳපොළේ පවතින තෙල් මිල, ඉන්ධන ආනයනික වියදම්, ගොඩබෑමේ වියදම්, බෙදාහැරීමේ වියදම් සහ බදු මුදල් යන සාධක සලකා බලා ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කෙරේ.

ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, ඛනිජ තෙල් සංස්ථාව, ඉන්දීය තෙල් සමාගම, පාරිභෝගික සේවා අධිකාරිය යන ආයතනවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් මඟින් කෙරේ.

මේ අනුව අද දිනයේ බොහෝ විට ඉන්ධන මිල සංශෝධනයක් සිදුවේ යැයි සියලු පාරිභෝගිකයින්ගේ එකම අපේක්ෂාව වී තිබේ.

කෙසේ වෙතත් පසුගිය මාසයේ ඉන්ධන මිල රුපියල් 100ටත් වැඩි ගණනකින් අඩු කරන බවට රාවයක් පැතිර ගියද ඩීසල් මිල පමණක් රු. 10කින් අඩු කෙරිණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles