Thursday, May 9, 2024

අද සිට 264% කින් ඉහළ යන ජල ගාස්තු …

ජල ගාස්තු සියයට 130 කින් ඉහළ දැමීම අද (01) සිට ක්‍රියාත්මක වනවා. අවම ජල පරිභෝජනය වන ඒකක 5 ක් පරිභෝජනය කරන නිවසක් මීට පෙර ගෙවූ රුපියල් 123 ක ජල ගාස්තුව මෙම ඉහළ දැමීමත් සමඟ රුපියල් 448 ක් බවට පත්ව සියයට 264 කින් ඉහළ යනු ලබනවා.

ගෘහස්ථ ජල ගාස්තු පළමු ජල ඒකක 5 සඳහා ඒකකයක් සඳහා පැවැති රුපියල් 12 ක ගාස්තුව රුපියල් 20 දක්වා සියයට 67 කින් ඉහළ දමා ඇති අතර ඒකක 6 සිට 10 දක්වා ඒකකයක මිල රුපියල් 27 ක් දක්වා ද, ඒකක 11 සිට 15 දක්වා ඒකකයක මිල රුපියල් 34 ක් දක්වා ද, ඉහළ දමා තිබෙනවා.

ජල ඒකක 16 සිට 20 දක්වා මිල රුපියල් 68 ක් දක්වාත්, ඒකක 21 සිට 25 දක්වා ඒකකයක මිල රුපියල් 99 ක් දක්වාත්, ඒකක 26 සිට 30 දක්වා ඒකක මිල රුපියල් 150 ක් දක්වාත් ඉහළ දමා ඇති අතර ඒකක 31 සිට 40 දක්වා ඒකක මිල රුපියල් 179 ක් දක්වා ද, ඒකක 41 සිට 50 දක්වා ඒකක මිල රුපියල් 204 ක් දක්වා ද, ඒකක 51 සිට 75 දක්වා ඒකක මිල රුපියල් 221 ක් දක්වා ද, ඒකක 75 ට වැඩි ජල ඒකකයක් රුපියල් 238 ක් දක්වා ද, ඉහළ දැමූ බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා.

ජල ඒකක 25 ක් දක්වා රුපියල් 100 ක්ව පැවැති සේවා ගාස්තුව රුපියල් 300 ක් දක්වා ද, ඒකක 26 සිට 30 දක්වා පැවැති රුපියල් 200 ක සහ ඒකක 31 සිට 40 දක්වා රුපියල් 400 ක සේවා ගාස්තුව රුපියල් 900 ක් දක්වා ද, ඉහළ ගොස් ඇති අතර ඒකක 41 සිට 50 දක්වා රුපියල් 650 ක් සහ ඒකක 51 සිට 75 දක්වා රුපියල් 1000 ක්ව පැවැති සේවා ගාස්තු රුපියල් 2,400 ක් දක්වාත් ඒකක 75 ට වැඩි බිල්පත් සඳහා මින් පෙර පැවැති රුපියල් 1600 ක සේවා ගාස්තුව රුපියල් 3,500 ක් දක්වාත් ඉහළ දමා තිබෙනවා.

මාසිකව ජල ඒකක 15 ක් පාවිච්චි කරන සාමාන්‍ය පවුලක පැවැති රුපියල් 347.20 ක ජල ගාස්තුව මෙම නව සංශෝධනය අනුව රුපියල් 789 ක් දක්වා සියයට 130 කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා. රජයේ පාසල්, රජයේ උපකෘත පාඨශාලා, ආගමික සහ පූජනීය ස්ථාන සහ රජයේ අනුමත පුණ්‍ය ආයතනවල පළමු ඒකක 40 දක්වා ගාස්තුව ඉහළ එළසම පවතින බවත් සමෘද්ධි ලාභීන්ට සහ වතු නිවාසවල ඒකක ගාස්තුව ඉහළ දමා නොතිබුණ ද සේවා ගාස්තුවේ ඉහළ දැමීම ඔවුන්ට ද අදාල වනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles