ඉන්දියාවට මාර පරාජයක්!

0
394

ආසියානු කුසලානය සඳහා පැවති සුපිරි කණ්ඩායම් හතරේ තරග පෙලෙහි ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගයෙන් විශිෂ්ට ජයක් ලබාගැනීමට පාකිස්ථානය සමත් විය.

එය ඓතිහාසික ජයග්‍රහණයක් වූ අතර කෝටි සංඛ්‍යාත ඉන්දීය ප්‍රේක්ෂකයන් සම්පූර්ණයෙන්ම වාගේ අසරණ කරන්නට හේතු වූ ප්‍රතිඵලයක් විය.

එහිදී තරගය කඩුලු 5කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.

තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියානු කාණ්ඩායමට ලබාදී තිබුණි. 

ඒ අනුව පිටියට පිවිසි ඉන්දියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 181ක් රැස් කිරීමට සමත් වුණි.

එහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විරාත් කෝලි ලකුණු 60ක් රැස් කළ අතර නායක රෝහිත් ෂර්මා පන්දු 16කදී 28ක් රැස්කළේය.

පන්දු යැවීමේදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ශඩාබ් ඛාන් කඩුලු 2ක් දවාගත්තේය.

ඒ අනුව ලකුණු 182ක ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායම පන්දු ඕවර 19යි පන්දු 5කදී කඩුලු 5ක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.

පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් රිස්වාන් ලකුණු 71ක් රැස්කළ අතර මොහොමඩ් නවාස් ලකුණු 42ක් රැස්කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here