යුපුන්ට පස් වෙනි තැන..

0
434
yupun

සූරිච් (Zurich) හි පැවති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් මීටර් 100 පිරිමි ඉසව්වේ පස්වැනි ස්ථානයට පත්වුණා.

ඒ සඳහා ඔහුට ගත වූ කාලය තත්පර 10.14 ක්.

එම ඉසව්වේ ප්‍රථම ස්ථානයට පත්වීමට අමෙරිකාවේ ට්‍රේවෝන් බ්‍රොමෙල් සමත් වූ අතර ඔහුට ඒ සඳහා ගත වූ කාලය තත්පර 9.94ක්.

ජැමෙයිකාවේ යොහාන් බ්ලේක් සහ කැනඩාවේ ආරොන් බ්‍රවුන් පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගැනීමට සමත්වුණා.

දකුණු අප්‍රිකාවේ Akani Simbine සිව්වන ස්ථානයට පත්වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here