විදුලි කප්පාදුව පැය 10 දක්වා ඉහළට…

0
420
power cut

ලබන මාසයට පෙර ගල් අඟුරු නොලැබුණ හොත් දෛනික විදුලි කප්පාදුව පැය 10 දක්වා ඉහළ යා හැකි බව විදුලි ඉංජිනේරුවන් පවසනවා.

ගල් අඟුරු ලබාදෙන සමාගම් පවසන්නේ ඔවුන්ට එල්ල වී ඇති චෝදනා නීත්‍යානුකූලව ඔප්පු කරන තුරු ගල් අඟුරු ආනයනය නොකරන බවයි.

ගල් අඟුරු ටෙන්ඩර් ලබාදීමේදී ඇති වූ බව කියන ගැටළුවක් හේතුවෙන් එම සමාගම් වෙත චෝදනා එල්ල වුණා.

ඒ අනුව ඔවුන්ට එරෙහිව නඩු පවරා ඇති අතර ඒ හේතුවෙන් එම සමාගම් පවසන්නේ එල්ල වී ඇති චෝදනා නීත්‍යානුකූලව ඔප්පු කරන තුරු ගල් අඟුරු ආනයනය නොකරන බවයි.

එලෙස එම සමාගම් ගල් අඟුරු ආනයනය නොකරන්නේ නම් දෛනික විදුලි කප්පාදුව පැය 10 දක්වා ඉහළ යා හැකි බව විදුලි ඉංජිනේරුවන් පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here