ජර්මනියෙන් යූරෝ මිලියන 13 ක ප්‍රදානයක්..

0
472

මෙරට ව්‍යාපෘති 05ක් ක්‍රියාත්මක කිරීම සඳහා ජර්මානු රජය යුරෝ මිලියන 13ක ප්‍රදානයක් සිදු කර තිබේ.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපතිවරයා අද(25) මුදල් අමාත්‍යාංශයේදී ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබූ බව වාර්තා වෙයි.

විල්පත්තු ජාතික වනෝද්‍යානය සහ ස්වාරක්ෂිත කලාප කළමනාකරණ ව්‍යාපෘතිය, උතුරු සහ නැගෙනහිර පළාත් තුළ වෘත්තීය පුහුණු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන ව්‍යාපෘති සහ සමාජ ඒකාබද්ධතාවය, පරිවර්තනය පහසු කිරීම සඳහා වන ව්‍යාපෘති මේ යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජර්මානු සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රදානයන් හිමි වූ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here