Friday, May 3, 2024

වර්ජනය අසාධාරණයි – කිරිඇල්ල කියයි

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම අසාධාරණ බව විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අනධ්‍යයන සේවකයින් මෙලෙස වර්ජනයක නිරත වීමට සූදානම් වන අතර අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේ දී සඳහන් කර සිටියේ එම ඉල්ලීම් වලින් එක් ඉල්ලීමක් හැර සෙසු සියලු ඉල්ලීම් ලබාදීමට රජය පියවර ගෙන ඇති බවයි.

එසේ වුවද තම ඉල්ලීම් වලට දීර්ඝ කාලයක් තිස්සේ විසඳුම් නොලැබීම නිසා හෙට සිට අඛණ්ඩ වැඩවර්ජනයකට යන බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් නිවේදනය කර තිබේ.

මේ අතර ඊයේ දිනයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ මාධ්‍ය ප්‍රකාශක සබරගමු විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂඨ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා සදහන් කළේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් නොමැතිකම හේතුවෙන් රට අරාජික තත්ත්වයට පත්ව ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles