පළමු වැනිදා සිට යූරියා ගොවීන්ට!

0
305

ලබන 01 වැනි දා සිට මහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය යුරියා පොහොර ලබාදීම ආරම්භ කරන බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඊ.එච්.එම්.එල් අබේරත්න මහතා පැවසුවේ, ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ගෙන්වා ඉතිරි වී පවතින යුරියා තොගය ගොවීන්ට වෙත ලබාදෙන බව ය.

පළමු අදියරේදී හෙක්ටයාර එකක් සඳහා යුරියා පොහොර කිලෝග්‍රෑම් 20 ක් ලබාදීමට නියමිතයි.

කුරුණෑගල, අම්පාර, මඩකලපුව, වව්නියාව, මුලතිව්, යාපනය යන දිස්ත්‍රික්කවල ගොවීන්ට පොහොර ලබාදීම සිදු කරන බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here