ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර අධ්‍යක්ෂ තනතුරු ගත් දෙදෙනෙකු ගැන පොලිස් පරීක්ෂණ..

0
419

ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර වංචා සහගත ලෙස ජාතික ප්‍රවාහන කොමිසමේ අධ්‍යක්‍ෂ තනතුරු දෙකක්‌ ලබාගත් නිලධාරීන් දෙදෙනකු ගැන වාර්තා වෙන අතර, ඒ දෙදෙනා ගැන පොලිස්‌ වංචා විමර්ශන ඒකකය පරීක්‌ෂණ අරඹා ඇත.

ඉන් එක්‌ අයකු මේ වන විට තනතුරෙන් ඉවත්ව සහකාර අධ්‍යක්‍ෂවරයකු ලෙස රාජකාරි කරන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ, මෙම විමර්ශනය ආරම්භ කෙරුණු බව වාර්තා වීමත් සමඟ ජාතික ප්‍රවාහන කොමිසමේ සභාපතිවරයා සහ අධ්‍යක්‍ෂ ජනරාල් වරයා එකී නිලධාරීන් දෙදෙනාට අධ්‍යක්‍ෂ තනතුරුවලින් ඉවත් වන ලෙස කළ දැනුම් දී ඇති නිසායි.

කෙසේ නමුත්, අනෙක්‌ පුද්ගලයා මේ වන විටත් අධ්‍යක්‍ෂ ධුරයේ සිටිනවා. ප්‍රවාහන කොමිසමේ වාර්ෂික උසස්‌වීම් ලබා දීමේදී මොවුන් මෙසේ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර අධ්‍යක්‍ෂ ධුරවලට පත්වූ බවයි වාර්තා වෙන්නේ. විමර්ශනවලට අනුව මෙම නිලධාරීන් දෙදෙනාගේ ලිපි ගොනු මේ වන විට පොලිසියට පත්ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here