Sunday, May 19, 2024

ජාතික රූපවාහිණියට මහින්දගෙන් කෝටි තුනක පොල්ලක්

පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ජාතික රූපවාහිනි සංස්ථාව රුපියල් තුන්කෝටි හතලිස් හත් ලක්ෂයකට (රු.34,719,750) අධික වටිනාකමක් ඇති දැන්වීම් නොමිලේ ප‍්‍රචාරය කරවා ඇති බව අනාවරණය වේ.

එමෙන්ම මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ රුපියල් දස ලක්ෂයක් වටිනා දැන්වීම් ප‍්‍රචාරය කිරීම ප‍්‍රතික්ෂේප කර තිබූ බවට අනාවරණය වේ. මේ අතර මහින්ද රාජපක්ෂ වෙනුවෙන් වෙනත් විවිධ පුද්ගලයන් සහ ආයතන පසුව මුදල් ගෙවීමේ පදනම මත රුපියල් පන්කෝටි හැට අට ලක්ෂයකට (රු.56,882,675) ආසන්න දැන්වීම් ප‍්‍රචාරය කර ඒ වෙනුවෙන් ලබා දී තිබූ මුදල වනුයේ රුපියල් හාරකෝටි අනූනව ලක්ෂය (රු.49,966,675.)ක් පමණක් ලබා දී ඇති බවද අනාවරණය වේ.

පසුගිය පාලන සමය අවසන් වනවිට රාජ්‍ය මාධ්‍ය ආයතන තම පවුලේ ප‍්‍රචාරක ආයතන වශයෙන් රාජපක්ෂ පවුල් පාලනය විසින් සම්පූර්ණයෙන්ම යොදා ගන්නා ලදී. එම තත්ත්වය තුළ රූපවාහිනි සංස්ථාව ඇතුළු එම මාධ්‍ය ආයතන බරපතල ලෙස අලාභ ලබන ආයතන බවට පත් වී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles