Sunday, May 19, 2024

ලංකාවේ තැඹිලි වලට එංගලන්තයෙන් විශාල ඉල්ලුමක්..

ශ්‍රීලංකාවේ තැඹිලි සඳහා එංගලන්තයේ ලන්ඩන් නගරයේදී විශාල ඉල්ලුමක්‌ හිමිව ඇති බවට තොරතුරු වාර්තාවනවා.

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලයේ සහය ඇතිව පළමු වරට ව්‍යාපාරික සමාගම් කිහිපයක්‌ පසුගියදා ලන්ඩන් නගරයේ සුප්‍රසිද්ධ හැරල්ඩ් සාප්පු සංකීර්ණයේදී තැඹිල් වතුර බෝතල් කර විකිණීම ආරම්භ කරනු ලැබුවා.

එහිදී මිලි ලීටර් දෙසීයක තැඹිලි වතුර බෝතලයක්‌ බ්‍රිතාන්‍ය පවුම් 4 කට (ශ්‍රී ලංකා මුදලින් රු. 770 කට පමණ) අලෙවි කර තිබුණා.

මුල් දිනයේ තැඹිලි රස බැලූ එංගලන්ත ජාතිකයන්ගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකාවේ තවත් තැඹිලි නැවක්‌ ලන්ඩනය බලා ගොස්‌ ඇති බවයි වාර්තාවන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles