Thursday, September 19, 2024

සංචාරක කර්මාන්තය නැංවීම‍ට ඇෆ්ගනිස්තානයේ අවධානය

ගෝලීය ආර්ථිකය තුළ සංචාරක කර්මාන්තය වඩාත් කැපී පෙනෙන සහ වර්ධනය වන අංශයක් වන අතර ජාතියක ආර්ථිකය නංවාලීම සඳහා මෙම අංශය වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබන බැවින් ඇෆ්ගනිස්තානය නංවාලීම සදහා එරට සංචාරක කර්මාන්තය වර්ධනය කිරීමට අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයට වඩාත් ආකර්ශනීය කරවන, හිමෙන් වැසී ගිය කඳු, පුරාණ ආගමික ස්මාරක, දර්ශනීය ගංගා සහ විවිධ දේශගුණික තත්ත්වයන් සහිත සුවිශේෂී කලාපයන් හිමි විශාල සංචාරක විභවයක් තිබියදීත්, වෙනත් තත්වයන් නිසා තවමත් දුර්වල ආර්ථිකයක් පවතී.

සංචාරක ව්‍යාපාරය රටේ ආර්ථික දියුණුව සඳහා මෙවලමක් කර ගැනීමට රට තුළ විශාල අවස්ථාවක් තිබෙන අතර ඇෆ්ගනිස්ථානය ජාත්‍යන්තර සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා සුදුසු ප්‍රතිපත්ති අනුගමනය කළ හැකි බවත් විශ්ලේෂකයක් පෙන්වා දී ඇත.

2018 වසරේ ලෝක සංචාරක සංවිධානයට අනුව, ජාත්‍යන්තර සංචාරකයින් දිනකට ඩොලර් බිලියන 1.3ක් වියදම් කර ඇති බව පැවසේ.

බොහෝ රටවල, කර්මාන්තයෙන් ලැබෙන ආදායම විශේෂයෙන් ජාත්‍යන්තර සංචාරක කර්මාන්තය අපනයන ඉපැයීම් සඳහා ආදේශකයක් ලෙස සලකනු ලබන අතර ඔවුන්ගේ ගෙවුම් ශේෂයට විශාල දායකත්වයක් සපයයි.
ඇතැම් සාධක ස්ථායීව පවතී නම් ජාත්‍යන්තර සංචාරකයින්ට ඇෆ්ගනිස්ථානයට පැමිණීමේ ඉහළ හැකියාවක් ඇති බව අදාළ විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles