හිජාබ් නීතිය නිසා ඉරාන කාන්තාවක් පොලිසියේ පහර කෑමෙන් මරුට

0
339

ඉරාන කුප්‍රකට සදාචාරාත්මක පොලිසිය විසින් ටෙහෙරානයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු කෝමා තත්ත්වයට පත් වූ ඉරාන තරුණ කාන්තාවක් පසුගිය සිකුරාදා මිය ගිය බව මාධ්‍ය වාර්තා කර තිබේ.

රටේ හිජාබ් රෙගුලාසිවලට අනුකූල නොවන බවට චෝදනා කරමින් 22 හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගෙන තිබූ අතර එහිදී සිදුවූ පහරදීම්වලින් තුවාල ලැබූ ඇය ඉරාන රෝහලක දී දින කිහිපයකට පසු මිය ගොස් ඇති බව සදහන් වේ.

මල්ශා අමිනි නම් ඇය සිය පවුලේ අය සමඟ ඉරානයේ බටහිර කුර්දිස්තාන් පළාතේ සිට ටෙහෙරාන් අගනුවරට ඥාතීන් හමුවීමට යමින් සිටියදී කාන්තා ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් රටේ දැඩි නීති රීති පිළිපැදීමට අපොහොසත් වීම නිසා අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

පොලිස් වෑන් රථය තුළදී අමිනීට පහර දුන් බව සාක්ෂිකරුවන් වාර්තා කළ අතර එය පොලිසිය ප්‍රතික්ෂේප කර ඇති පොලිසිය පැවසුවේ අමිනීට හෘදයාබාධයක් වැළඳී රෝහල් ගත කළ බවයි.

කෙසේවෙතත්, අමිනීගේ පවුලේ අය මෙයට විරුද්ධව අදහස් දක්වා ඇති අතර, ඇය නිරෝගීව සිටි බවත්, කිසිදු සෞඛ්‍ය ගැටලුවක් අත්විඳ නැති බවත් අවධාරණය කර තිබේ.

මේ අතර අමිනිගේ ගේ මරණයෙන් පසු ඉරානයේ විරෝධතා මාලාවක් පැන නැගී ඇති අතර හිජාබ් නීතියට එරෙහිව කාන්තාවන් විවිධ විරෝධතා ආරම්භ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here