Friday, May 17, 2024

ඇෆ්ගන් හිටපු ජනාධිපති කට අරියි.

සිය නිශ්ශබ්දතාවය බිඳ දමමින්, ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනාධිපති හමීඩ් කර්සායි තලෙයිබාන් සහ ජාතික ප්‍රතිරෝධක බලකාය (NRF) අතර පන්ජ්ෂිර් පළාතේ ගැටුම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර තිබේ.

පන්ජ්ෂිර් පළාතේ සිදුවන කුරිරු ඝාතන හෙළා දකිමින් කර්සායි පැවසුවේ අඛණ්ඩ ලේ වැගිරීම නැවැත්විය යුතු බවයි.

හිටපු ජනාධිපති කර්සායි සිය ෆේස්බුක් පිටුවේ ප්‍රකාශයක් මගින් පවසා ඇත්තේ ලේ වැගිරීම් සහ යුද්ධය කිසි විටෙකත් විසඳුම නොවන බව අතීතයේ කටුක අත්දැකීම් පැහැදිලිව පෙන්වා දී ඇති බවත් එය තවදුරටත් විනාශය කරා ගෙන යන බවයි.

ඇෆ්ගනිස්ථානයේ මානුෂීය අර්බුදයට විසඳුමකට එළඹීමට ඇති එකම මාර්ගය ලෙස යුද්ධය නැවැත්වීම බවත් සාකච්ඡා මත විශ්වාසය තැබීම බවත් කර්සායි අවධාරණය කළේය.

සාකච්ඡා සඳහා පාර කැපීමේදී වගකිවයුතු පාර්ශ්වයක් ලෙස කටයුතු කරන ලෙස ද ඔහු තලේබාන් රජයෙන් ඉල්ලා සිටියේය.

පන්ජ්ෂිර් හි රැඳවියන් විශාල වශයෙන් ඝාතනය කිරීම සහ ප්‍රාණ ඇපකරුවන් අමානුෂික ලෙස මරා දමන ආකාරය පිළිබඳ වීඩියෝ ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් මහජනතාවගේ විවේචන හමුවේ තලේබාන්වරු පීඩනයට ලක්ව සිටින බව ද මාධ්‍ය වාර්තා කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles