ඉන්දීය හා සවුදි විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්.

0
315

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් සහ සවුදි විදේශ අමාත්‍ය ෆයිසාල් බින් අල් සවුද් කුමරු අතර හමුවක් සිදුව තිබේ.

ඒ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීවයි.

එහිදී ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වූ විදේශ අමාත්‍යවරුන් දෙපළ පවසා ඇත්තේ පසුගිය වසර කිහිපයේදී දෙරට අතර සබදතා සැලකිය යුතු අයුරින් වර්ධනය වී ඇති බවයි.

දේශපාලන, ආරක්ෂක, බලශක්ති, වෙළදාම, ආයෝජන, සෞඛ්‍ය, ආහාර සුරක්ෂිතතාව හා සංස්කෘතික යන අංශවල සබඳතා එහිදී කැපී පෙනෙන බව ද අමාත්‍යවරුන් දෙපළ පවසා තිබේ.

කොරෝනා වසංගත සමයේදීත් දෙරටෙහි නායකයින් පවත්වා ගෙන ගිය සමීප සබදතා සම්බන්ධයෙන් ද එහිදි අවධානය යොමුව ඇත.

එමෙන්ම ද්විපාර්ශවික වශයෙන් වැදගත් කලාපීය සහ ජාත්‍යන්තර ගැටලු සම්බන්ධයෙන් ද ඉන්දීය හා සවුදි විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡා පැවැති බව ද විදෙස් මාධ්‍ය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here