Friday, April 26, 2024

ඉන්දියාවෙන් පකිස්තානයට සැර චෝදනාවක්.

සාමය අපේක්ෂා කරන රටක් කිසිසේත් ත්‍රස්තවාදයට සහය නොදෙන බව එක්සත් ජාතීන්ගේ ඉන්දීය දූත මණ්ඩලයේ පළමු ලේකම් මිජිටෝ විනීටෝ පවසයි.

ඒ පකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ශරීෆ් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී සිදු කළ ඉන්දීය විරෝධී ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින්.

මහා මණ්ඩලය හමුවේ කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් පකිස්තාන අග්‍රාමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය බව ද මිජිටෝ විනීටෝ පෙන්වා දී ඇත.

පකිස්තානය යනු දේශසීමා ත්‍රස්තවාදයට සහය සපයන රටක් බවට ද ඔහු චෝදනා නගා තිබේ.

ඉන්දියාවට එරෙහි ප්‍රකාශ සිදු කිරීම සදහා මෙන්ම ඉන්දියාවට එරෙහි ක්‍රියාකාරකම් සාධාරණීකරණය කිරීමට පකිස්තාන අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වේදිකාවක් ලෙස තෝරා ගෙන ඇති බව ද මිජිටෝ විනීටෝ චෝදනා කර ඇත.

එමෙන්ම පකිස්තානය මුම්බායි ප්‍රහාරකයන් ආරක්ෂා කරන බවට ද එක්සත් ජාතීන්ගේ ඉන්දීය දූත මණ්ඩලයේ පළමු ලේකම් මිජිටෝ විනීටෝ ප්‍රකාශ කර තිබේ.

සිය අසල්වැසි රාජ්‍යන් සමග සාමය පවත්වාගෙන යාමට කැමති රටක් කිසිදාක මුම්බායි ප්‍රහාරයේ කුමන්ත්‍රණකරුවන ආරක්ෂා නොකරනු ඇති බව ද ඔහු පවසා තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles