සල්මන් රුෂ්ඩිට එක් ඇසක් අහිමි වෙයි…

0
1723

පසුගිය අගෝස්තු මාසයේදී නිව්යෝර්ක්හිදී ලේඛකයෙකු වන සල්මන් රුෂ්ඩිට පිහි ඇනුමක් එල්ල වීමෙන් පසු ඔහුගේ එක් ඇසක පෙනීම සහ එක් අතක් භාවිතා කිරීම අහිමි වී ඇති බව ඔහුගේ නියෝජිත ඇන්ඩෲ වයිලිගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසනවා

ඔහුගේ පපුවේ තවත් තුවාල 15 ක් පමණ ඇති බවයි ලේඛක සල්මන් රුෂ්ඩිගේ නියෝජිතයෙකු වන ඇන්ඩෲ වයිලි ස්පාඤ්ඤයේ එල් පායිස් (El País) පුවත්පතට සඳහන් කර තිබෙන්නේ

1988 වසරේ සල්මන් රුෂ්ඩිගේ ‘The Satanic Verses’ නවකතාව වෙනුවෙන් දිගු කලක් මරණ තර්ජනවලට මුහුණ දී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අමෙරිකාවේ උපන් 24 හැවිරිදි Hadi Matar නමැති පුද්ගලයා මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් වරද පිළිගෙන තිබෙනවා

නියෝජිත ඇන්ඩෲ වයිලි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ කතුවරයා සිටින ස්ථානය ගැන කිසිම තොරතුරක් ලබා දිය නොහැකි බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here