ඉන්දියාව අප්‍රිකානු කලාපය සමග වන සබදතා වැඩි කරයි.

0
340

අප්‍රිකානු කලාපය සමග වන සබදතා වැඩි කිරීමේ පියවරක් ලෙස ඉන්දියානු විදේශ අමාත්‍යවරයා, බොට්ස්වානා විදේශ අමාත්‍යවරයා ගුජරාටයේ දී හමුවී වෙළඳාම, ආයෝජන වැඩිදියුණු කිරීම කෙරෙහි සාකච්ඡා කර තිබේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් පසුගියදා බොට්ස්වානා විදේශ කටයුතු අමාත්‍ය ලිමොගන්ග් ක්වේප් ගුජරාටයේ දී හමු වූ අතර වෙළඳාම, ආයෝජන ඇතුළු ආරක්ෂක සහ පුහුණුව සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර ඇත.

රැස්වීමේදී, අමාත්‍යවරු දෙපළ දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ වත්මන් තත්ත්වය සමාලෝචනය කළ අතර සෞඛ්‍ය, වෙළෙඳ සහ ආයෝජන, ආරක්‍ෂක, ආර්ථික සහයෝගීතාව, පුහුණුව වැනි ක්ෂේත්‍රවල සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ ක්‍රමවේදයන් සාකච්ඡා කල බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි බහුපාර්ශ්වික වේදිකාවල සහයෝගිතාව ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කලාපීය සහ ජාත්‍යන්තර ගැටලු පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරුණ බව වාර්තා වේ.

බොට්ස්වානා හි ඉන්දියානුවන් 6000 කට වැඩි පිරිසක් ජීවත් වෙන අතර ඉන්දියාව සහ බොට්ස්වානා අතර ද්විපාර්ශ්වික වෙළඳාම ඩොලර් මිලියන 806 ක් පමණ වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here