Friday, April 26, 2024

ෂී විරෝධී සටන් පාඨ අඛණ්ඩව

චීන ජනාධිපතිවරයාට තුන්වන ධූර කාලයක් ලබා දුන් කොමියුනිස්ට් පක්ෂ සම්මේලනය අවසන් වුවද මහජන විරෝධයේ දුර්ලභ අවස්තාවක් ලෙස ෂී ජින්පිංට එරෙහි විරෝධතා ක්‍රමක්‍රමයෙන් චීනය පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ.

පසුගිය සතියේ බීජිං පාලමක් මතින් හුදකලා විරෝධතාකරුවෙකු විසින් ඔසවන ලද බැනර් මත Xi ට පහර දෙන සටන් පාඨ ප්‍රථම වරට දර්ශනය විය.

එතැන් සිට, චීන‍යේ නගර ගණනාවක් එවැනි විරෝධතා පැවති බව විදෙස් වාර්තා පවසයි.

එහිදී ජනාධිපති ෂී ජින් පින්ට එරෙහිව අතින් ලියන ලද බැනර්වල වාක්‍ය ඛණ්ඩවල කොවිඩ් ප්‍රතිපත්තියේ ඇති දැඩි අගුලු දැමීම් සහ සීමා කිරීම් විවේචනය කර තිබූ බව පැවසේ.

ඔවුන්ට අවශ්‍ය ආහාර මිස PCR පරීක්ෂණ නොවන බවත් අවශ්‍ය වන්නේ නිදහස මිස අගුලු දැමීම් සහ පාලනයන් නොවන බවත් අවශ්‍ය වන්නේ ගෞරවය මිස බොරු නොවේ යනුවෙන් බැනරයක සඳහන් වූ බවත් වාර්තා විය.

කොවිඩ් සීමා කිරීම්වලට එරෙහි සටන් පාඨ අවම වශයෙන් ෂෙන්සෙන්, ෂැන්හයි, බීජිං සහ ගුංග්ශෝ මෙන්ම හොංකොං ඇතුළු චීන නගර අටක රහසිගතව ප්‍රදර්ශනය කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles