ඉන්දියාව දේශීය අවි කෙරෙහි උපරිම විශ්වාසය තබයි.

0
314

ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් පාණ්ඩේ දේශීය ආයුධ පද්ධති කෙරෙහි විශ්වාසය පළ කරමින් එම උපකරණ ලෝක මට්ටමේ ගුණාත්මක බවින් යුක්ත බව පවසා තිබේ.

ගුජරාටයේ ගාන්ධිනගර්හි පැවති DefExpo 2022 ප්‍රදර්ශනයේ දී මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබිණ.

රුසියානු-යුක්රේන ගැටුම සැමට ගැඹුරු පාඩම් ලබා දී ඇති බවත් හැකිතාක් දුරට ගෝලීය සැපයුම් දාමයක් මත රඳා නොසිටිය යුතු බවත් ජෙනරාල් පාන්ඩේ සදහන් කර තිබිණ.

සැහැල්ලු ටැංකි, අනාගතයට සූදානම් සටන් වාහන සහ අනාගත පාබල සටන් වාහන ඇතුළුව ප්‍රධාන යුද උපකරණ නිෂ්පාදන ව්‍යාපෘති රැසක් ඉන්දීය හමුදාව විසින් සැලසුම් කර තිබේ.

යුධ හමුදා ප්‍රධානියා ඉන්දියාවේ නිෂ්පාදිත උපායමාර්ගික ආරක්ෂක උපකරණ ගැන ප්‍රශංසා කළ අතර එහිදී අවධාරණය කළේ, ඔවුන්ට දේශීය අවි පද්ධති සමඟ අනාගත යුද්ධ නියත වශයෙන්ම සහ නිසැකවම ජය ගත හැකි බවයි.

ආරක්ෂක අංශයට දිරියක් ලබා දීමේ අරමුණින්, ඉන්දියාවේ “විශාලතම” ආරක්ෂක ප්‍රදර්ශනය – DefExpo 2022 – ඔක්තෝබර් 18 වන දින ගුජරාටයේ ගාන්ධිනගර් හිදී ආරම්භ විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here