චීනය උඩින් සහ මුහුදින් තායිවානය‍ට දැල එලයි

0
284

චීන හමුදා ගුවන් යානා 20 ක් සහ නාවික නෞකා තුනක් පසුගිය සතියේ තායිවානය වටා නිරීක්ෂණය කළ බව තායිවාන ජාතික ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

චීන මහජන විමුක්ති හමුදාවේ (PLA) ගුවන් යානා 20 ක් , එක් Shaanxi Y-8 සබ්මැරීන් විරෝධී යුද ගුවන් යානයක් සහ Shaanxi Y-8 ඔත්තු බැලීමේ ගුවන් යානයක් තායිවානයේ ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපයේ නිරිතදිග කෙළවරේ නිරීක්ෂණය කරන ලද බව එම අමාත්‍යංශය සදහන් කළේය.

ඊට ප්‍රතිචාර වශයෙන් තායිවානය සටන් මුර සංචාර ගුවන් යානා සහ නාවික නෞකා යවා ගුවන්විදුලි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමටත් චීන ගුවන් යානා සහ යාත්‍රා නිරීක්ෂණය කිරීමට ගොඩබිම් මිසයිල පද්ධති භාවිතා කල බවත් වාර්තා විය.

චීනය ඔක්තෝබර් මාසයේ මේ දක්වා තායිවානය වටා චීන හමුදා ගුවන් යානා 266 ක් සහ නාවික නෞකා 71 ක් යවා තිබේ.

2020 සැප්තැම්බර් මාසයේ සිට, චීනය තායිවානයේ ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපය වෙත නිතිපතා ගුවන් යානා යැවීමෙන් කලාපීය උපක්‍රම භාවිතය වැඩි කර ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here