පකිස්තානය තුළ සන්නද්ධ ප්‍රහාර ඉහළ යයි.

0
288

පකිස්ථානයේ Waziristan ප්‍රදේශයේදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් හමුදා සාමාජිකයින් සිව්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.

පොරෝනයක් ශරීරය වසා ගෙන පැමිණ තරුණයෙකු යැයි විශ්වාස කෙරෙන් බෝම්බකරු හමුදා සාමාජිකයින් පිරිස ගමන් කරමින් සිටි රථය ආසන්නයට පැමිණ පුපුරවා ගෙන තිබේ.

තුවාල ලැබු නිලධාරීන් පිරිස ආසන්න රෝහලක් වෙත ඉක්මනින් යොමු කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

මේ අතර පකිස්ථානයේ Khyber දිස්ත්‍රික්කයේදී හමුදා බුද්ධි අංශ මෙහෙයුමකදී ත්‍රස්ත සාමාජිකයින් පිරිසක් ඝාතනය කළ බව පකිස්තාන හමුදාව පවසයි.

ත්‍රස්ත සාමාජිකයින් සන්තකව තිබූ ආයුධ සහ ජීව උණ්ඩ තොගයක් ද පකිස්තාන ආරක්ෂක අංශ සිය භාරයට ගෙන තිබේ.

ඊට අමතරව වසිරිස්තානයේ දේශසීමා ආසන්නයේ දී ඇෆ්ගනිස්තානය දෙස සිට සටන්කාමීන් පකිස්තාන හමුදා මුරපලකට එල්ල කළ ප්‍රහාරයකින් හමුදා සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here