කැබිතිගොල්ලෑව තවමත් උණුසුම්!

0
368

කැබිතිගොල්ලෑව ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකුට පහර දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 14 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

කැබිතිගොල්ලෑව, රඹකැපූවැව ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියයාමට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරතවී තිබුණා.

පසුව තත්ත්වය පාලනය කිරීම සඳහා කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානාධිපතිවරයා තවත් නිලධාරීන් සිව්දෙනෙකු සමගින් එම ප්‍රදේශයට ගොස් තිබූ අතර එහිදී ප්‍රදේශවාසීයෙකුගේ පහරදීමකින් පොලිස් නිලධාරියෙක් මියගොස් තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here