අනුන්ගේ පහනින් එළිය බලන්නට සිටි සිංහ පුතුන් ලක්දිවට…

0
504

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 4 ක තියුණු ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 168 ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 164 ක් පමණයි.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලබාගත් මෙම ජයත් සමගින් අවසන් පූර්ව වටයට පිවිසීමේ ශ්‍රී ලංකා බලාපොරොත්තු සේදී ගියේය. මේ අනුව හෙට (05) වැනිදා තරගයෙන් පසු ශ්‍රී ලංකා පිල මෙරටට සැපත්වනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here