Monday, April 29, 2024

රටපුරා ඛනිජ තෙල් බොදාහැරීමේ අර්බුදයක්…

ඇමතිවරයාගේ සහ සංස්ථාවේ හිතුවක්කාරී තීරණ නිසා නැවත ජනතාව මහපාරේ!

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිත පවතින ඉන්ධන හිගය තවත් සතියක් පමණ පැවතිය හැකි බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

එහි උප සභාපති කුසුම් සදනායක නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ අවශ්‍ය තරම් රට තුළ ඉන්ධන තොග පැවතියද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් මෙම ඉන්ධන හිගය හටගෙන ඇති බවයි. 

ඉන්ධන මිල සංශෝධනයට තමන් විරුද්ධ නොමැති බවත් එය නිසි ක්‍රමවේදයක් යටතේ සිදු කරන ලෙසත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සදනායක ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉල්ලීමක්ද කළා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින පිරවුම්හල්වලින් ඊයේ දිනය වනවිට සියයට 80කට ආසන්න ප්‍රමාණයක ඉන්ධන අවසන් වී තිබුණා. එබැවින් රටේ ප්‍රදේශ රැසක දිගු පෝලිම් දක්නට ලැබුණු අතර ඇතැම් නගර වල පිරවුම්හල් පාළුවට ගොස් තිබුණි.

කෙසේ වෙතත් රජය පවසන්නේ තවත් මාස කිහිපයකට අවශ්‍ය තරම් ඉන්ධන සංචිත රට සතුව පවතින බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles