FIFA විකාශන සූරතාව ජාතික නාලිකාව දිනාගනී!

0
913

2022 ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මෙරට නිල විකාශන අයිතිය ජාතික රූපවාහිනියට හිමිව තිබෙනවා. ඊට අදාළ ගිවිසුම අද පස්වරුවේ අත්සන් කරනු ලැබුවා.

මෙය PEO TV සහ DIALOG TV යන චන්ද්‍රිකා රූපවාහිනී සේවා කිසිවක වෙනත් ක්‍රීඩා නාලිකා හරහා නැරඹිය නොහැකිය.

සිව් වසරකටම වරක් පැවත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 22වැනි වරටයි. තරගාවලියේ සත්කාරකත්වය කටාර් රාජ්‍යයට හිමිව තිබෙනවා.

ලොවපුරා සුපිරිතම පාපන්දු කණ්ඩායම් 32 ක් තරගාවලියට සහභාගී වන අතර පළමු වටයේ තරග පැවැත්වෙන්නේ, කාණ්ඩ 8 ක් යටතේයි. ක්‍රීඩාංගණ 5 කදී මෙවර ෆිෆා ලෝක කුසලාන තරගාවලියේ තරග පැවැත්වීමට නියමිතයි. නොවැම්බර් මස 20වැනිදා ආරම්භ වන තරගාවලියේ අවසන් තරගය දෙසැම්බර් මස 18 වැනිදා පැවැත්වීමටයි, සැලසුම් කර තිබෙන්නේ.

මීට සිව් වසරකට පෙර 2018 වසරේ රුසියාවේදී පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ, ප්‍රංශය විසින්. මෙතෙක් ඉතිහාසයේ වැඩිම අවස්ථා ගණනකදී ‍ලෝක පාපන්දු කිරුළ හිමි කර ගෙන තිබෙන්නේ, බ්‍රසීල කණ්ඩායමයි.

ඔවුන් අවස්ථා 5 කදී ලෝක ශූරතාව දිනා ගත්තා. ජර්මනිය සහ ඉතාලිය, අවස්ථා 4 බැගින් ‍පාපන්දු ලෝක ශූරතාව දිනා ගෙන තිබෙනවා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here