Saturday, April 27, 2024

පොලිස් නිශ්කාෂණ වාර්තා සහ අල්ලස් පැමිණිලි සඳහා අලුත් ඇමතුම් අංක…

මහජනයාට පොලිස් නිෂ්කාෂන වාර්තා සම්බන්ධයෙන් විමසීම සදහා පොලිස් මුලස්ථානය විශේෂ දුරකතන අංක දෙකක් හදුන්වා දී ඇත. එමෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ අල්ලස් ගැනීම සම්බන්ධව තවක් කෙටි ඇමතුම් අංකයක් හඳුන්වා දී ඇත.

පොලිස් නිෂ්කාෂන වාර්තා ලබා ගැනීම සදහා විමසීම් කිරීමේදී ජනතාවට සිදුවන අපහසුතාව වැලැක්වීම සදහා මෙම නව අංක හදුන්වා දුන් බව පොලිසිය කියයි.

011-2439185, 011-2013500 යන එම විශේෂ දුරකන අංක ඔස්සේ සතියේ දිනවල උදෑසන 8.00 සිට රාත්‍රි 10.00 දක්වාත්, අති අන්තයේ හා රජයේ නිවාඩු දිනවල උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා කාලය තුළ විමසීම් කළ හැකි  බව පොලිස් මුලස්ථානය පවසයි.

ඒ අතරම රාජ්‍ය නිලධාරීන්ගේ අල්ලස් ගැනීම් සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් කෙරෙන සියලු මහජන පැමිණිලි 1905 යන කෙටි දුරකතන අංකයට දැනුම් දිය හැකි බව ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, ග්‍රාම නිලධාරී කාර්යාලවල සේවයේ නියුතු පුද්ගලයන් සිදු කරනු ලබන අල්ලස් ගැනීමක් හෝ වෙනත් අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් 1905 යන කෙටි දුරකතන අංකය ඇමතීමෙන් පැමිණිලි ඉදිරිපත් කල හැකි බවයි එම අමාත්‍යංශය නිවේදනය කළේ.

මෙම පැමිණිලි සේවාව සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ස්වදේශ කටයුතු අංශයේ විමර්ශන අංශය වෙත සෘජුව යොමු කිරීමට හැකියාව පවතිනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles