Monday, September 23, 2024

පුලුවන්නං අල්ලන්න – මහින්දානන්දගෙන් පොලීසියට අභියෝග..

අදආරම්භවීමට නියමිත  පාදයාත්‍රාවේ ප්‍රධාන සංවිධායකවරයා වන හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ  සවස මාධ්‍යවේදීන් හා ආධාරකරුවන් රැසක් හමුවේ ප්‍රසිද්ධියේ පොලීසියට අභියෝග කරමින් පවසා ඇත්තේ ‘පුලුවන්නම් තමාව අත්අඩංගුවට ගන්නා’ ලෙසයි.
මේ වනවිට රහස් පොලීසිය විසින් සියලුම විමර්ශන නිමකොට මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයාගේ ලිපිගොනුව නීතිපති දෙපාර්තමේන්තුව වෙත යවා තිබේ. රහස් පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ මහින්දානන්ද අලුත්ගමගේට පොදුදේපල පනත හා මුදල් විශුද්ධිකරණ පනත යටතේ නඩු පැවරීමට හැකියාවක් ඇති බවයි.
එහෙත් නීතිපති දෙපාර්තමේන්තුවට රජයේ ඉහළම තැනකින් මේ සඳහා බලපෑම් එල්ලවී ඇති බව කියවේ.
මේ වනවිට මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රසිද්ධියේ පවසමින් සිටින්නේ ජනාධිපතිවරයා තමා අත්අඩංගුවට නොගන්නා බවට තමාට පුද්ගලිකව සහතික වූ බවයි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles