මෙවර අයවැය යෝජනා සකස් කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලබා දුන් රාමුව අනුව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
පාර්ලිමේන්තුවේදී අද (10) විපක්ෂය යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අදාළ රාමුව තුළ වෙනස්කම් සිදුකළ හැකි බවයි.
දෙසැම්බර් මාසය වනවිට ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමේ කටයුතු පිළිබඳ එකඟතාවයකට පැමිණීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.
දෙමළ ජනතාව මුහුණ දෙන උතුරේ ගැටලු බාහිර මැදිහත්වීම් වලින් තොරව ලබන වසරේ 75 වැනි නිදහස් සැමරුම් උත්සවයට පෙර සාමකාමීව විසඳා ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
කිසිවෙකුත් ලංකාවට ඇඟිලි ගහන්න උවමනා නැතැයි ද මෙම ප්‍රශ්න විසඳගෙන ඉදිරියට යන්න ලංකාවට හැකියාව ඇති බව ද ජනාධිපතිවරයා කීය.
ඒ කාරණය සදහා ලබන සතියේ පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහා සියලු දෙමළ දේශපාලන පක්ෂවලට ආරාධනා කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තුව රැස් වන දින ගණන වැඩි කර හෝ රටේ නීති පද්ධතිය නවීකරණය කළ යුතුව ඇතැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.