11.11 නිමිත්තෙන් ඩීසල්, භූමිතෙල් මිල ඉහළ දමයි!

0
358
oil price

ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 25 කින් ඊයේ (11) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.

නව මිල මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 430 ක් ද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 365 ක් ද, වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.

සුපිරි ඩීසල් ලීටරයක් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 510 ක ද, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 370 ක ද, කාර්මික භූමිතෙල් ලීටරයක් රුපියල් 464 ක ද, ලෙස තව දුරටත් පවතින බව ද ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.

ඉන්ධන මිල නොවැම්බර් මස තුළ නැවත සංශෝධනය කිරීමට අපේක්‍ෂා නොකරන බව ද ඛනිජ තෙල් සංස්ථාව වැඩි දුරටත් කීය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here