Friday, April 26, 2024

බැංකු ණය පොලී අනුපාතය ඉහළට…

සියලුම රාජ්‍ය සහ පෞද්ගලික බැංකු සිය ණය පොලී අනුපාත 4% ක ප්‍රතිශතයකින් යළි ඉහළ දමා තිබෙනවා.

ඒ හේතුවෙන් සමහර බැංකුවල ණය පොලී අනුපාතය 32% ක් වැනි ඉහළ මට්ටමකට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

රාජ්‍ය බැංකුවලට සාපේක්ෂව ඇතැම් පෞද්ගලික බැංකුවල ණය පොලී අනුපාත අඩු අගයක පැවැති නමුත් ණය නිකුත් කිරීම සඳහා පවතින කොන්දේසි දැඩි කර ඇති බවයි බැංකු වාර්තා වල දැක්වෙන්නේ.

එමෙන්ම බැංකු පොලී අනුපාත විශාල ලෙස ඉහළ යෑමත් සමඟ සමස්ත බැංකු පද්ධතියේ ආපසු නොගෙවන ණය ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.

මහ බැංකු වාර්තාවන්ට අනුව තුන්වන මට්ටමේ නොගෙවා පහර හැර ඇති ණය ප්‍රතිශතය මේ වන විට 10% ඉක්මවා තිබෙනවා.

එම අගය 2021 වර්ෂය අවසන් වන විට පැවතියේ 7.6% ක් ලෙසයි.

කෙසේ වෙතත් නව ආදායම් බදු සංශෝධනයක් සහ රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ලබන වසර (2023) පළමු කාර්තුව අවසන් වන විට ජනතාව විසින් නොගෙවා පැහැරහරින ණය ප්‍රමාණය විශාල ලෙස ඉහළ යන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රියංග දුනුසිංහ අවධාරණය කරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles