ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය පිළිබද හෙළිදරව්වක්

0
370

ජාතික අවශ්‍යතාවයට මුල් තැන දීම වැදගත් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් පවසා තිබේ.

ඔහු ඒ බව පවසා ඇත්තේ කොල්කටාහි ඉන්දීය කළමනාකරණ ආයතනයේ පැවැති උත්සවයකට එක්වෙමින්.

දෛනික දේශපාලනය ජාතියේ අවශ්‍යතාවයට බාධාවක් නොවිය යුතු බවත් ඒ හරහා දේශසීමා අවදානමට ලක් නොවිය යුතු බවත් විදේශ අමාත්‍යවරයා එහිදී පවසා තිබේ.

සියලුම දේශපාලකයන් සියල්ලට ප්‍රථමයෙන් එම ප්‍රවේශයේ සිටිය යුතු බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් අවධාරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

මෙය ඉන්දියාව ලෝකය සමඟ සම්බන්ධ වීමේ කොන්දේසි නැවත සකස් කරන මොහොතක් බව ද ඉන්දීය අග්‍රාමා්‍යවරයා සඳහන් කර තිබේ.

වගකීම් භාරගැනීමට ඉන්දියාව සූදානම් විය යුතු සන්ධිස්ථානයක් පැමිණ ඇති බවත්, ඉන්දියාවට නායකත්වයක් සහ දැක්මක් මෙන්ම සිය ගෝලීය ස්ථාවරය ඉහළ නැංවීම සඳහා නොපසුබට උත්සාහය සහ කැපවීම ඇති බවත් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් එහිදී අවධාරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here