Friday, April 26, 2024

චීනයේ දේපළ වෙළදාම් ක්ෂේත්‍රය තවදුරටත් කඩා වැටෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊට අදාළ දත්ත උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ චීනයේ නිවාස මිළ ගණන් හා අලෙවිය ඔක්තෝම්බර් මාසය තුළදී සැලකිය යුතු අයුරින් පහත වැටී ඇති බවයි.

චීනය තුළ අඛණ්ඩව ක්‍රියාත්මක ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය හා ඒ සමග ඇතිවී තිබෙන අවිනිශ්චිතතා හමුවේ දේපළ වෙළදාම සම්බන්ධයෙන් පාරිභෝගිකයන් තුළ ඇති විශ්වාසය පළුදු වීම එම ක්ෂේත්‍රයේ කඩා වැටීමට මූලිකව බලපා ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

China Index Academy (CIA) හි මිනුම් අනුව එරට නගර 100 ක මිළ ගණන් සැප්තැම්බර් මාසයේදී සියයට 0.02 කින් පහළ වැටී ඇති අතර එම මිළ ගණන් ඔක්තෝබර් මාසයේදී ඔක්තෝබර් මාසයේදී සියයට 0.01 කින් පහත වැටී ඇත්තේ සිව්වන වරටයි.

එමෙන්ම චීනයේ නගර සියයක බිම් ප්‍රමාණය අනුව දේපළ වෙළදාම ඔක්තෝබර් මාසයේදී වසරින් වසර සියයට 20 කින් පමණ පහත වැටී තිබේ.

දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ යථාතත්ත්වයට පත්වීම රැදී පවතින්නේ චීනයේ කොවිඩ් 19 පාලන පියවර සහ ප්‍රතිපත්තිවල ශක්තිමත්භාවය අනුව බව විශ්ලේෂකයෙකු වන චෙන් වෙන්ජින් පෙන්වා දෙයි.

ඔක්තෝබර් මාසයේදී චීනයේ ෂැංහයි සහ ෂෙන්සෙන් යන නගරවල ඉදිකළ නව නිවාසවල මිළ ගණන් සියයට 0.05 කින් පහත වැටී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles