Thursday, April 25, 2024

ඇෆ්ගනිස්ථානයේ තත්වය පිළිබද රුසියාවේ දී කෙරුණු හෙළිදරව්ව

ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදීන් , ලෝකය කණස්සල්ලට පත් කර ඇති බවත් යුද්ධයෙන් විනාශ වූ ඇෆ්ගනිස්ථානයේ මානුෂීය තත්ත්වයට ලැබිය යුතු අවධානය නොලැබෙන බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සදහන් කරයි.

රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සමඟ රුසියාවේ දී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් ජයශංකර් කියා සිටියේ ඇෆ්ගනිස්ථානයේ තත්වය කුමක්ද යන්න ලෝකය අමතක නොකළ යුතු බවයි.

ජයශංකර් එහිදී ඉන්දියාව ඉතිහාසයේ දුෂ්කර අවධියේදී ඇෆ්ගනිස්ථාන ජනතාවට සහාය දෙන ආකාරය පෙන්වා දුන් බව සදහන් වේ.

පසුගියදා රුසියාවේ දෙදින සංචාරයක නිරත වූ ආචාර්ය එස් ජයශංකර් එහිදී රුසියානු විදේශ ඇමති ලැව්රොව් සමඟ ඉන්දියා-රුසියා සම්බන්ධතාවයේ සමස්ත පරාසය සමාලෝචනය කර තිබේ.

රුසියාවේ නියෝජ්‍ය අගමැති ඩෙනිස් මන්ටුරොව් සමඟ, ජයශංකර් වෙළෙඳාම, ආයෝජන, බලශක්ති, පොහොර, ඖෂධ, කෘෂිකර්මය සහ නාවික කටයුතුවල සහයෝගීතාව පිළිබද සාකච්ඡා කළ බව ද විදෙස් වාර්තා පවසයි.

මොස්කව්හි පැවති මාධ්‍ය හමුවකදී විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේ ඉන්දියාව සහ රුසියාව දශක ගණනාවක් පුරා ඉතා හොඳින් කටයුතු කර ඇති දිගුකාලීන හවුල්කාරිත්වයක් ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles