ඉන්දියාව සහ ප්‍රංශය ගුවන් හා සමුද්‍ර ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීමේ තීරණයක

0
291

ඉන්දියාව සහ ප්‍රංශය අතර ශක්තිමත් උපායමාර්ගික හවුල්කාරිත්වයේ කොටසක් ලෙස දකුණු ඉන්දීය සාගර කලාපයේ (IOR) ඒකාබද්ධ සමුද්‍ර නිරීක්ෂණ මෙහෙයුමක් සිදු කිරීමට සූදානම්ව සිටින බව වාර්තා වේ.

ඒ අනුව ප්‍රංශය සමඟ සම්බන්ධීකරණ නිරීක්ෂණ සහ සාගර සිතියම්කරණ මෙහෙයුම් සඳහා ඉන්දියානු නාවික හමුදාවේ P-8I දිගු දුර සමුද්‍ර මුර සංචාර ගුවන් යානයක් මැඩගස්කරයට නැගෙනහිරින් සහ මොරිෂස් හි නිරිත දෙසින් පිහිටි ප්‍රංශ විදේශීය දූපතක් වන ලා රියුනියන් වෙත ළඟා වී තිබේ.

ඉන්දියාව සහ ප්‍රංශය අතර මෙම හවුල්කාරිත්වය වර්ධනය වී ඇත්තේ, යුධ නෞකා සහ සබ්මැරීන 355ක් සහිත ලොව විශාලතම නාවික හමුදාව ඇති චීනය, 2017 දී අප්‍රිකාවේ ජිබුටි හි ප්‍රථම විදේශීය කඳවුර පිහිටුවීමෙන් පසු දකුණු ඉන්දීය සාගර කලාපයේ සැපයුම් සක්‍රීයව ගවේෂණය කරන පසුබිමකය.

ඉන්දියාව විසින් ප්‍රංශය සමග අත්සන් කරන ලද ගිවිසුම් මගින් සමස්ථ ආරක්ෂක සහයෝගීතාවයේ කොටසක් ලෙස එකිනෙකාගේ යුධ නැව් සහ ගුවන් යානාවලට ආධාර කිරීම සඳහා සැපයුම් හුවමාරු කර ගැනීමට යෙදවූ හමුදා බලකායන්ට හැකියාව ලැබේ.

සමුද්‍ර ආරක්‍ෂාව, ත්‍රස්තවාදයට එරෙහි වීම, තොරතුරු හුවමාරු කර ගැනීම, අභ්‍යවකාශය සහ ආරක්‍ෂක සහයෝගීතාව ඇතුළුව සියලුම අංශ හරහා දෙරට පුළුල් ආරක්ෂක සබඳතා ගොඩනඟා ගෙන ඇත.

කලාපය තුළ චීනයේ ව්‍යාප්තියට එරෙහිව දකුණු ඉන්දීය සාගර කලාපයෙහි උපායමාර්ගික ප්‍රවේශය වැඩි දියුණු කිරීම සඳහා ඉන්දියාව එක්සත් ජනපදය, ජපානය, ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාව සහ සිංගප්පූරුව වැනි අනෙකුත් රටවල් සමඟ ද අන්‍යෝන්‍ය යුධ සැපයුම් ගිවිසුම් අත්සන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here