වසර තුනකට පසුත් චීනයේ ගුයැන්ෂු කොවිඩ් පාලන අභියෝගයක

0
315

දකුණු චීන නගරයක් වන ගුයැන්ෂු වසර තුනකට පසු එහි දැඩිම කොවිඩ් -19 පාලන අභියෝගයට මුහුණ දී සිටින අතර පසුගිය සඳුදා දේශීයව ආසාදනය වූ රෝගීන් 2,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

මෙම වර්ධනය සිදුවී ඇත්තේ රට පුරා කොවිඩ් රෝගීන් මාස හයකට පසු ඉහළම සංඛ්‍යාව වාර්තාවීමත් සමගයි.

ගුවන්ග්ඩෝන් පළාතේ සඳුදා තහවුරු වූ දේශීය රෝගීන් 185 ක් සහ රෝග ලක්ෂණ රහිත වුවන් 1,882 ක් වාර්තා වූ අතර, පළාත් අගනුවර වන ගුයැන්ෂුහි තහවුරු වූ රෝගීන් 122 ක් සහ රෝග ලක්ෂණ රහිත 1,813 ක් වාර්තා විය.

දළ වශයෙන් මිලියන 18 ක ජනගහනයක් සිටින නගරයේ දිනකට රෝගීන් 1,000 කට වඩා වාර්තා වී තිබුණේ පිට පිට දෙවැනි දිනටයි.

ගුයැන්ෂු හි කොවිඩ් ව්‍යාප්තිය සමඟ නගරයේ සමහර ප්‍රදේශවලට සීමාවන් පනවා ඇති අතර 30,000 කට වැඩි පිරිසක් මධ්‍යගත නිරෝධායනයකට යොමු කර ඇත.

අධි අවදානම් සහිත ප්‍රදේශවලට ගිය අය සඳහා දෛනික කොවිඩ් පරික්ෂණ ද පැවැත්වෙන බව සදහන් වේ.

මේ අතර ගුයැන්ෂු සෞඛ්‍ය කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසුවේ නගරය වසර තුනකින් වඩාත් සංකීර්ණ හා දරුණු කොවිඩ්-19 වැළැක්වීම සහ පාලන තත්ත්වය අත්විඳිමින් සිටින බවයි.

පසුගිය දින කිහිපය තුළ නව රෝගීන්ගෙන් සියයට 94 ක් පමණ වාර්තාවූයේ ජනාකීර්ණ හයිෂු දිස්ත්‍රික්කයේ බව ගුවැන්ෂු බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here