Saturday, April 27, 2024

මියන්මාරයේ ප්‍රචණ්ඩත්වය නැවැත්වීමට ඉන්දියාවේ සහය

අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ (ASEAN) කරුණු පහක සම්මුතියට සහය දෙමින් මියන්මාරයේ ප්‍රචණ්ඩත්වය නැවැත්වීමට ඉන්දියාව කැමැත්තෙන් පසුවන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඉන්දීය උපජනාධිපති ජග්දීප් ධන්කාර්ගේ කාම්බෝජයේ නිල සංචාරයට පෙරාතුව මෙම අදහස පවසා තිබේ.

මියන්මාරය සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය ඉතා පැහැදිලි බවත් ඉන්දියාව ASEAN හි කරුණු පහක සම්මුතියට සහාය දෙන අතර මියන්මාරය ප්‍රජාතන්ත්‍රවාදී රජයක් කරා ගමන් කරනවා දැකීම ඉන්දියාවේ කැමැත්ත බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් (නැගෙනහිර) සෞරබ් කුමාර් විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් පවසා ඇත.

අදාළ සියලු පාර්ශ්ව අතර සංවාදය; විශේෂ නියෝජිතයෙකු පත් කිරීම; මියන්මාරයේ සිවිල් වැසියන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තියුනු ලෙස ඉහළ ගොස් ඇති හෙයින්, ආසියාන් සංවිධානය විසින් මියන්මාරයට මානුෂීය ආධාර සැපයීම සහ එම කඳවුරේ විශේෂ නියෝජිතයා මියන්මාරයේ සියලු පාර්ශවයන් හමුවීමට පැමිණීම කරුණු පහකින් යුත් සම්මුතියට ඇතුළත් වේ.

නොවැම්බර් 20 වැනිදා පැවැත්වීමට නියමිත ආසියාන් ආරක්ෂක අමාත්‍යවරුන්ගේ රැස්වීම පිළිබඳව මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් ලේකම්වරයා කියා සිටියේ ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ආසියාන් ආරක්ෂක අංශ අතර මෙම ආකෘතියේ හමුව පළමු වරට සිදුවන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles