ඉන්දියා රුමේනියා සබදතා වර්ධනය කෙරේ.

0
905

ඉන්දියාව සහ රුමේනියාව පසුගියදා ඔවුන්ගේ සිව්වන විදේශ කාර්යාල උපදේශන සාකච්ඡාමාලාව නවදිල්ලියේ දී පවත්වා තිබේ.

මෙම හමුවේදී දෙරටේ නිලධාරීන් දේශපාලන, ආර්ථික, වාණිජ, කොන්සියුලර් සහ සංස්කෘතික සබඳතා ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සාකච්ඡා කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

මෙහිදී ඉන්දියාව සහ රුමේනියාව ඉන්දු-පැසිෆික් කලාපය , ඉන්දියාවේ අසල්වැසි සහ යුරෝපීය සංගමයේ වර්ධනයන් ඇතුළු කලාපීය සහ ගෝලීය ගැටළු මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවූන්සිලයේ ප්‍රතිසංස්කරණ, ඉන්දියාවේ G20 සභාපති ධුරය සහ රුසියාව සහ යුක්රේනය අතර යුද්ධය ඇතුළු බහුපාර්ශ්වික වේදිකාවල සහයෝගිතාව පිළිබඳව දෙරටේ නිලධාරීන් සාකච්ඡා කර තිබේ.

රුමේනියාවේ බුකාරෙස්ට්හිදී අන්‍යෝන්‍ය වශයෙන් පහසු දිනවලදී විදේශ කාර්යාල උපදේශනවල මීළඟ වටය පැවැත්වීමට ද දෙපාර්ශවය එකඟ වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here