රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ වැය වැඩි ඡන්ද 81කින් දිනයි

0
255

රාජ්‍ය  ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වැඩි ඡන්ද අසූ එකකින් පාර්ලිමේන්තුවේ දී අද (24) පස්වරුවේ සංශෝධන සහිතව සම්මත විය. වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද  91 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 10ක් පමණි.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු වැය ශීර්ෂයට විරුද්ධ විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර මෙම ඡන්දය විමසන අවස්ථාවේදී සමගි ජන බලවේගය,  ජාතික ජන බලවේගය සහ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ වල මන්ත්‍රීවරු කිසිවෙක් සභාවේ නොසිටියහ.

මෙයට අමතරව මහජන ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශවල වැය ශීර්ෂද අද විවාදයට ගැනුණමුත් ඡන්ද විමසීමකින් තොරවම සම්මත විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here